We are protected under Intellectual Property Act No.36 of 2003. Contact Us 076 666 0012

පන්ති ප්‍රශ්නපත්‍ර වල සියලු පියවර

විස්තරාත්මකව ඉදිරිපත් කල යුතු නිසා මෙම සටහන පියවර කිහිපයකින් දක්වා තිබුනත් mcqclass.lk වෙබ්ලිපිනයට ඇතුල්වීමේ සිට ප්‍රශ්නපත්‍රයේ උපදෙස් යන පිටුවට පිවිසීමට ගතවෙන උපරීම කාලය විනාඩියකටත් අඩු බවත් ප්‍රශ්නපත්‍රයක් කිරීමට වැයවන දත්ත ප්‍රමානය මෙගාබයිට් 5කටත් අඩුබව සලකන්න.

පලමුව ගුරුවරයා/ආයතනය MCQclass හි ලියාපදිංචිය විය යුතුයි.එවිට MCQclass සහය කණ්ඩායම මගින් ගුරුවරයා/ආයතනය භාවිතා කල ඊමේල් ලිපිනයට සියලු විස්තර එවා ලියාපදිංචිය පැය 24ක් ඇතුලත සනාථ කරයි.

ඉන් පසුව එම ඊමේල් මාර්ගයෙන් ගුරුවරයාට/ආයතනයට PDF ආකාරයට MCQclass සහය කණ්ඩායම වෙත ප්‍රශ්නපත්‍ර එවිය හැක.එම ප්‍රශ්නපත්‍ර MCQclass පද්ධතියට ඇතුලත් කල පසුව ඊමේල් මාර්ගයෙන් සහ කෙටි පණිවිඩයක් මාර්ගයෙන් ගුරුවරයාට/ආයතනයට ප්‍රශ්නපත්‍ර අංකය සහ එහි කොඩ් එක දන්වනු ඇත.

මීට අමතරව ගුරුවරයෙකු වශයෙන් MCQclass පද්ධතියට ලොග්වී මෙනුවෙන් “කොඩ් පිටුවට යෑමෙන්ද ඔබට ප්‍රශ්නපත්‍ර අංක සහ කෝඩ් ලබාගත හැක. පහත වීඩියෝවෙන් ලොග්වීමේ සිට පන්ති ප්‍රශ්නපත්‍රයක රැන්ක් බැලීම දක්වා පියවරයන් බැලිය හැක.එසේ නොමැතිනම් පහල තොරතුරු වලින්ද එම පියවරයන් විස්තර කරයි. 

 

මෙම ප්‍රශ්නපත්‍රයට MCQclass හි සිසු ලියාපදිංචිය අවසන් කල ඕනෑම සිසුවෙක්ට සිසුන්ට පිළිතුරු සැපයිය හැක.නමුත් ඉහල සඳහන් කල කොඩ් එක නිසා එය ඔබෙගේ පංතියේ සිසුන්ට පමණක් සිමාවේ. පන්ති ප්‍රශ්නපත්‍ර වලට පිළිතුරු සැපයීමට මුලින්ම සිසුන් විසින් mcqclass.lk වෙබ් ලිපිනයෙන් අපගේ මුල්පිටුවට පැමින ඉහලම ඇති “ලොග්වෙන්න“ බොත්තම ක්ලික් කරන්න.

ඊන්පසුව සිසුන්ව “ප්‍රොෆ්යිල් එක“ පිටුවට යොමුවේ.මෙහි ඇති යුසර්නේම් එක සහ පාස්වර්ඩ් එකට සිසුන් ලියාපදිංචි වීමේදී තේරූ එවාම යොදා “මාව මතක තබාගන්න“ යන පණිවිඩයට ඉදිරියෙන් ඇති කොටුවට ක්ලික් කර “ලොග්වන්න“ ක්ලික් කරන්න දැන් සිසුන් ඊලගවර මුල් පිටුවට පැමිනිවිට කෙලින්ම පන්ති ප්‍රශ්නපත්‍ර පිටුවට යෑමට බොත්තමක් හිමිවේ. නමුත් පලමුවර පමණක් පහත දක්වා තිබෙන පරිදි ප්‍රොෆයිල් එකෙ පෙන්නුම් කරන “පන්ති ප්‍රශ්නපත්‍ර»“ යන බොත්තම ක්ලික් කරන්න.

ඊලඟට සිසුන්ව පන්ති ප්‍රශ්නපත්‍ර සෙවුම් පිටුවට යොමුවේ. එහිදී ගුරුවරයා/ආයතනය විසින් සිසුන්ට ප්‍රශ්නපත්‍ර අංකය ලබාදිය යුතුයි.ඉන්පසුව සිසුන් විසින් ප්‍රශ්නපත්‍ර අංකය “මෙතන අංකය ටයිප් කරන්න…“ යන ස්ථානයේ ටයිප් කල යුතුයි.එවිට සිසුන්ට අදාල ප්‍රශ්නපත්‍රය සහ එහි රැන්ක් පිටුව දර්ශනය වේ.එයින් ප්‍රශ්නපත්‍රය ක්ලික් කල විට සිසුන්ව ප්‍රශ්නපත්‍රය තුලට යැවේ.

ඊලඟට සිසුන්ව කෝඩ් ඇතුලත් කරන පිටුවට යොමුවේ.ගුරුවරයා/ආයතනය MCQclass සහය කණ්ඩායම විසින් ප්‍රශ්නපත්‍ර අංකය සමඟ එවු මෙම කෝඩ් එක සිසුන්ට ලබාදිය යුතුයි.කෝඩ් එක නිවැරදිව ඇතුලත් කල පසුව සිසුන්ට ප්‍රශ්නපත්‍රයේ උපදෙස් පිටුව දර්ශනය වේ.එය කියවා සිසුන්ට පිළිතුරු සැපයීම ආරම්භ කල හැක.(ගුරුවරයාට/ආයතනයට MCQclass හි මෙනුවෙන් “කොඩ්“ පිටුවට යෑමෙන්ද ගුරුවරයාට/ආයතනයට අයිති සියලු ප්‍රශ්නපත්‍ර වලට අදාල ප්‍රශ්නපත්‍ර අංකය සහ කෝඩ් ලබාගත හැක. )

පිළිතුරු සපයා අවසන් කල පසුව සිසුන් විසින් ප්‍රශ්නපත්‍රය පහල ඇති “අවසන් කරන්න“ බොත්තම ක්ලික් කල යුතුයි.එවිට ඔවුන්ට ලකුණු ප්‍රමානය,එහි ප්‍රතිශය සහ පිළිතුරුපත්‍රය බැලීමට ලින්ක් එකක් ලැබේ.

 

සාරාංශය

  1. ලියාපදිංචි වෙන්න
  2. ලොග්වෙන්න
  3. පන්ති ප්‍රශ්නපත්‍රය තෝරාගන්න
  4. කෝඩ් එකෙන් විවෘත කරගන්න
  5. පිළිතුරු සපයන්න

»ප්‍රශ්නපත්‍ර ලකුණු වල රැන්ක් බලන ආකාරය දැනගැනීමට මෙතන ක්ලික් කරන්න

»යලි සහය පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»අපගේ සහය අවශ්‍ය නම් දකුණුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහැති බොත්තම ක්ලික් කරන්න

මෙනුව වසන්න