We are protected under Intellectual Property Act No.36 of 2003. Contact Us 076 666 0012

සිසුන් පන්ති ප්‍රශ්නපත්‍ර වලට පිළිතුරු සපයන ආකාරය

සිසුවෙකු වශයෙන් ඔබේ පන්තියේ බහුවරණ ප්‍රශ්නපත්‍ර වලට ජංගම දුරකථනයෙන්ම පිළිතුරු සපයා එසැනින්ම එ පිළිතුරුපත්‍රයට අදාල ලකුණු සහ එම ලකුණු සංසන්දනය කර ඔබේ ස්ථානය බලාගැනීමේ පහසුකම් MCQclass මගින් සපයා ඇත.

මෙම නොමිලේ සේවාව සඳහා සිසුවෙකු ලෙස ඔබද,ඔබේ පන්තියේ ගුරුවරයා හෝ ආයතනයද MCQclass හි ලියාපදිංචි විය යුතුයි.දැනට ඔබ ලියාපදිංචි වී නොමැති නම් පහතින් අදාල ලින්ක් එක ක්ලික් කරන්න.දැනටමත් ලියාපදිංචි වී තිබේ නම් ඊට පහලින් ඇති පියවරයන් බලන්න.

»ශිෂ්‍ය ලියාපදිංචිය සිදුකරන ආකාරය

»ගුරු ලියාපදිංචිය සිදුකරන ආකාරය

»ආයතන ලියාපදිංචි කරන අයුරු

පහත වීඩියෝවෙන් ලොග්වීමේ සිට පන්ති ප්‍රශ්නපත්‍රයක රැන්ක් බැලීම දක්වා පියවරයන් බැලිය හැක.එසේ නොමැතිනම් පහල තොරතුරු වලින්ද එම පියවරයන් විස්තර කරයි.

මුලින්ම ඔබ MCQclass යන වෙබ් ලිපිනයෙන් මුල්පිටුවට පැමිණිය යුතුයි.ඉන්පසුව එහි ඉහලම ඇති “ලොග්වෙන්න“ බොත්තම ක්ලික් කරන්න.

ඊන්පසුව ඔබව “ප්‍රොෆ්යිල් එක“ පිටුවට යොමුවේ.මෙහි ඇති යුසර්නේම් එක සහ පාස්වර්ඩ් එකට ඔබ ලියාපදිංචි වීමේදී තේරූ එවාම යොදා  “මාව මතක තබාගන්න“ යන පණිවිඩයට ඉදිරියෙන් ඇති කොටුවට ක්ලික් කර “ලොග්වන්න“ ක්ලික් කරන්න දැන් ඔබ ඊලගවර මුල් පිටුවට පැමිනිවිට කෙලින්ම පන්ති ප්‍රශ්නපත්‍ර පිටුවට යෑමට බොත්තමක් හිමිවේ. නමුත් පලමුවර පමණක් පහත දක්වා තිබෙන පරිදි ප්‍රොෆයිල් එකෙ පෙන්නුම් කරන “පන්ති ප්‍රශ්නපත්‍ර»“ යන බොත්තම ක්ලික් කරන්න 

ඊලඟට ඔබව පන්ති ප්‍රශ්නපත්‍ර සෙවුම් පිටුවට යොමුවේ. එහිදී ඔබේ ගුරුවරයා පවසන ප්‍රශ්නපත්‍ර අංකය “මෙතන අංකය ටයිප් කරන්න…“ යන ස්ථානයේ ටයිප් කරන්න.එවිට ඔබට අදාල ප්‍රශ්නපත්‍රය සහ එහි රැන්ක් පිටුව පැමිණේ.එයින් ප්‍රශ්නපත්‍රය ක්ලික් කර විට ඔබව ප්‍රශ්නපත්‍රය තුලට යැවේ.

ඊලඟට ඔබ ගුරුවරයාගෙන් ප්‍රශ්නපත්‍රයට අදාල කෝඩ් එක ලබාගෙන එය ඇතුලත් කර  ප්‍රශ්නපත්‍රය විවෘත කරගෙන එහි උපදෙස් කියවා පිළිතුරු සපයන්න.

පිලිතුරු සපයා අවසන් වු පසුව ප්‍රශ්නපත්‍රය පහලම ඇති “අවසන් කරන්න“ බොත්තම ක්ලික් කරන්න.එවිට ක්‍ෂණිකව ඔබේ පිළිතුරු වලට අදාල ලකුණු සහ ප්‍රතිශතය පෙනේ.එමෙන්ම එහි ඇති ලින්ක් එකෙන් ඔබේ මුලු පිළිතුරුපත්‍රයම පරීක්ශාකල හැක.

සාරාංශය

  1. ලියාපදිංචි වෙන්න
  2. ලොග්වෙන්න
  3. පන්ති ප්‍රශ්නපත්‍රය තෝරාගන්න
  4. කෝඩ් එකෙන් විවෘත කරගන්න
  5. පිළිතුරු සපයන්න

»ප්‍රශ්නපත්‍ර ලකුණු වල රැන්ක් බලන ආකාරය දැනගැනීමට මෙතන ක්ලික් කරන්න

»යලි සහය පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»අපගේ සහය අවශ්‍ය නම් දකුණුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහැති බොත්තම ක්ලික් කරන්න

මෙනුව වසන්න