We are protected under Intellectual Property Act No.36 of 2003. Contact Us 076 666 0012

ප්‍රශ්නපත්‍ර ලකුණු වල රැන්ක් බලන ආකාරය

ඔබේ ලකුණු මට්ටම අනුව රැන්ක් එක බැලීමට අවස්ථාව උදාවෙන්නේ පන්ති ප්‍රශ්නපත්‍ර වලදී පමණයි.පොදු ආදර්ශ ප්‍රශ්නපත්‍ර වලට රැන්ක් පිටුවක් නොමැත.(රැන්ක් එක යනු ප්‍රශ්නපත්‍රය කල අනෙක් සිසුවන් අතරින් ලකුණු මට්ටම අනුව ඔබ කීවෙනි ස්ථානයේ සිටිනවාද යන්නයි).ඔබේ පන්ති ප්‍රශ්නපත්‍රයට අදාල රැන්ක් එක බැලීමට පහත පියවර අනුගමනය කරන්න.

මුලින්ම ඔබ MCQclass යන වෙබ් ලිපිනයෙන් මුල්පිටුවට පැමිණිය යුතුයි.ඉන්පසුව එහි ඉහලම ඇති “ලොග්වෙන්න“ බොත්තම ක්ලික් කරන්න.

 

ඊන්පසුව ඔබව “ප්‍රොෆ්යිල් එක“ පිටුවට යොමුවේ.මෙහි ඇති යුසර්නේම් එක සහ පාස්වර්ඩ් එකට ඔබ ලියාපදිංචි වීමේදී තේරූ එවාම යොදා “මාව මතක තබාගන්න“ යන පණිවිඩයට ඉදිරියෙන් ඇති කොටුවට ක්ලික් කර “ලොග්වන්න“ ක්ලික් කරන්න දැන් ඔබ ඊලගවර මුල් පිටුවට පැමිනිවිට කෙලින්ම පන්ති ප්‍රශ්නපත්‍ර පිටුවට යෑමට බොත්තමක් හිමිවේ. නමුත් පලමුවර පමණක් පහත දක්වා තිබෙන පරිදි ප්‍රොෆයිල් එකෙ පෙන්නුම් කරන “පන්ති ප්‍රශ්නපත්‍ර»“ යන බොත්තම ක්ලික් කරන්න

 

ඊලඟට ඔබව පන්ති ප්‍රශ්නපත්‍ර සෙවුම් පිටුවට යොමුවේ. එහිදී ඔබේ ගුරුවරයා පවසන ප්‍රශ්නපත්‍ර අංකය “මෙතන අංකය ටයිප් කරන්න…“ යන ස්ථානයේ ටයිප් කරන්න.එවිට ඔබට අදාල ප්‍රශ්නපත්‍රය සහ එහි රැන්ක් පිටුව පැමිණේ.එයින් රැන්ක් පිටුව ක්ලික් කල විට ඔබව ප්‍රශ්නපත්‍රය තුලට යැවේ.

 

ඊලඟට ඔබ රැන්ක් පිටුවට යොමුවේ.එහි වට ප්‍රස්ථාරයෙන් සිසුන්ගේ ලකුනු බෙදීයාමේ තත්වය පෙන්වන අතර ඊට පහලින් ඇති වගුවෙන් සියලු සිසුන්ගේ ස්ථානය පෙන්වයි.ඊලඟට ඔබ රැන්ක් පිටුවට යොමුවේ.එහි වට ප්‍රස්ථාරයෙන් සිසුන්ගේ ලකුනු බෙදීයාමේ තත්වය පෙන්වන අතර එහි වර්ණයක් ක්ලික් කල විට එ පැහැයට අදාලව ලකුනු ලබාගෙන ඇති සිසුන් ගණන පෙන්වයි.මෙමගින් ගුරුවරුන්ට තම සිසුන් වැඩි ප්‍රතිශතයක් අදාළ ප්‍රශ්නපත්‍රට සාර්ථකව පිළිතුරු ලබාදුන්නේද යන්න පැහැදිලි කරගත හැක.

 

රෑන්ක් පිටුවේ ඊලඟට තිබෙන්නේ එ එ සිසුවා ලකුණු අනුව ලබාගෙන ඇති ස්ථානයයි.පහල රූපයේ රතු පැහැයෙන් රවුම් කර දක්වා ඇත්තේ එයයි.මීට අමතරව එ එ සිසුවාගේ මුලු ලකුනු,ප්‍රතිශතයක් ලෙස ලකුණු,පිළිතුරු සැපයීමට ගතකල කාලය සහ පිළිතුරු සැපයු වෙලාවද මෙහි සටහන් වේ.මේ ස්ථාන අනුව සිසුන්ට ත්‍යාග පිරිනමා සිසුන්ව අභිප්‍රේරණය කිරීමට ගුරුවරයාට හැකිවේ.

සාරාංශය

  1. ලියාපදිංචි වෙන්න
  2. ලොග්වෙන්න
  3. රැන්ක් පිටුව තෝරාගන්න

»මුල් පිටුවට යාමට මෙතන ක්ලික් කරන්න

»ලියාපදිංචි පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»යලි සහය පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»අපගේ සහය අවශ්‍ය නම් දකුණුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහැති බොත්තම ක්ලික් කරන්න

මෙනුව වසන්න