We are protected under Intellectual Property Act No.36 of 2003. Contact Us 076 666 0012

පොදු ආදර්ශ ප්‍රශ්නපත්‍ර වලට පිළිතුරු සපයන ආකාරය

MCQclass මගින් ආදර්ශ ප්‍රශ්නපත්‍ර ඉතා පහසුවෙන් සිදුකර ලකුණු ලබාගත හැකියි.ආදර්ශ ප්‍රශ්නපත්‍ර කිරීමට ලියාපදිංචිය අනිවාර්ය නැත.නමුත් ලියාපදිංචි නොවී ආදර්ශ ප්‍රශ්නපත්‍ර කිරීමෙන් ඔබට පිළිතුරුපත්‍ර බැලිය හැක්කේ එක වරක් පමණක් වන අතර ලියාපදිංචි වී ආදර්ශ ප්‍රශ්නපත්‍ර කලවිට එම පිළිතුරුපත්‍ර ඔබගේ ප්‍රොෆයිල් එකෙන් ඕනෑම වෙලාවක බැලිය හැක.පහත වීඩියෝවෙන් ලොග්වීමේ සිට පොදු ආදර්ශ ප්‍රශ්නපත්‍රයක පියවරයන් බැලිය හැක.එසේ නොමැතිනම් පහල තොරතුරු වලින්ද එම පියවරයන් විස්තර කරයි.

 

මුලින්ම ඔබ mcqclass.lk වෙබ් ලිපිනයෙන් මුල්පිටුවට පිවිසෙන්න.(ඔබ දැනටමත් ලියාපදිංචි වී ඇත්නම් “ලොග්වෙන්න“ බොත්තම ක්ලික් කර යුසර්නේම් එක සහ පාස්වර්ඩ් එක යොදා MCQclass පද්ධතියට ඇතුල්වී මුල් පිටුවට පිවිසෙන්න) ඊලඟට මුල් පිටුවෙන් ඔබ ආදර්ශ ප්‍රශ්නපත්‍ර කිරීමට බලාපොරොත්තු වන විභාගය ක්ලික් කරන්න.එවිට ඊට අදාල සියලු විශයන් දර්ශනය වේ.

ඉන්පසුව ප්‍රශ්නපත්‍රය කිරීමට අවශ්‍ය විශය ක්ලික් කරන්න.එවිට ඔබව එම විශයට අදාල සියලු ආදර්ශ ප්‍රශ්නපත්‍ර ඇති පිටුවට යැවේ.එයින් ඔබ පිළිතුරු සැපයීමට අවශ්‍ය ප්‍රශ්නපත්‍රය ක්ලික් කරන්න.ඉන්පසුව ඔබව අදාල ප්‍රශ්නපත්‍රයේ පිටුවට යැවේ.

ඊලඟට ආදර්ශ ප්‍රශ්නපත්‍රයේ උපදෙස් කියවා ප්‍රශ්නපත්‍රයට පිළිතුරු සපයන්නේ කාලසීමාව සහිතවද නැද්ද යන්න තෝරා ආරම්භ කිරීමේ සලකුණ ක්ලික් කරන්න.

දැන් ඔබ ආදර්ශ ප්‍රශ්නපත්‍රයට පිලිතුරු සපයා එහි පහලම ඇති “අවසන් කරන්න“ ක්ලික් කරන්න.ඊලඟට ඔබේ පිළිතුරු වලට අදාල ලකුණු ප්‍රතිශත සහිතව දර්ශනය වේ.

ඔබ ලියාපදිංචි වී මෙම ප්‍රශ්නපත්‍රය කලේ නම් දැන් ඕනෑම වෙලාවක ඔබේ ප්‍රොෆයිල් පිටුවෙන් එහි පිළිතුරුපත්‍රය බැලිය හැකියි.

»මුල් පිටුවට යාමට මෙතන ක්ලික් කරන්න

»ලියාපදිංචි පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»යලි සහය පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»අපගේ සහය අවශ්‍ය නම් දකුණුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහැති බොත්තම ක්ලික් කරන්න

මෙනුව වසන්න