We are protected under Intellectual Property Act No.36 of 2003. Contact Us 076 666 0012

පැරණි පිළිතුරුපත්‍ර බලන ආකාරය

ඔබ ප්‍රශ්නපත්‍රයක් අවසන් කල සැනින් ඔබට එහි පිළිතුරුපත්‍රය බැලිය හැක.එමෙන්ම ඔබ කලින් කලින් කල ප්‍රශ්නපත්‍ර වල පිළිතුරුපත්‍රද ඕනෑම වෙලාවක පහත පියවර අනුගමනය කිරීමෙන් බැලිය හැක .ඔබ පොදු ආදර්ශ ප්‍රශ්නපත්‍ර කලත් පන්ති ප්‍රශ්නපත්‍ර කලත් ඔබට ඕනෑම අවස්ථාවකදී පැරණි පිළිතුරුපත්‍ර බැලිය හැක.පහත වීඩියෝවෙන් පැරණි පිළිතුරුපත්‍ර නැවත බලන ආකාරය බැලිය හැක.එසේ නොමැතිනම් පහල තොරතුරු වලින්ද එම පියවරයන් විස්තර කරයි.

 

මේ සඳහා ප්‍රශ්නපත්‍රයට පිළිතුරු සැපයීමට පෙර ඔබ MCQclass පද්ධතියේ ලියාපදිංචි වී පසුව ලොග්වී තිබිය යුතුයි.

ඔබට ලියාපදිංචි වීම ගැන තොරතුරු අවශ්‍ය නම් මෙතන ක්ලික් කර “ලියාපදිංචිය සම්බන්ධව“ මාතෘකාව ක්ලික් කරන්න.දැනටමත් ලියාපදිංචි වී ඇත්නම් මුල් පිටුවෙන් “ලොග්වෙන්න“ ක්ලික් කර “ප්‍රොෆයිල් එක පිටුවට ගොස් ලියාපදිංචියෙදී භාවිතකල ඔබේ යුසර්නේම් එක හෝ ඊමේල් එකද ඔබේ පාස්වර්ඩ් එකද භාවිතා කර ලොග්වෙන්න.

එවිට ඔබට ඔබේ ප්‍රොෆයිල් එක ලැබෙනු ඇත.දැන් ඔබ කරන සියලු ප්‍රශ්නපත්‍ර වල පිළිතුරුපත්‍ර මෙම ප්‍රොෆ්යිල් එක පිටුවෙන් යලි නැරඹිය හැක.එ සඳහා ඔබ ප්‍රශ්නපත්‍ර කල පසුව “ප්‍රොෆයිල් එක“ පිටුවට පැමිණ අදාල ප්‍රශ්නපත්‍රය නම ඉදිර්යෙන් ඇති ධන ලකුන ක්ලික් කරන්න.

එවිට එම ප්‍රශ්නපත්‍රයට අදාලව ඔබ ලබාගෙන ඇති ලකුණු,ගතකල වෙලව,ප්‍රතිශතය සමඟ “පිළිතුරුපත්‍රය – පෙන්වන්න“ යන විස්තර ලැබෙනු ඇත. එමගින් “පෙන්වන්න“ යන බොත්තම ක්ලික් කල විට ඔබේ පිළිතුරුපත්‍රය විවෘතවේ.

»මුල් පිටුවට යාමට මෙතන ක්ලික් කරන්න

»ලියාපදිංචි පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»යලි සහය පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»අපගේ සහය අවශ්‍ය නම් දකුණුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහැති බොත්තම ක්ලික් කරන්න

මෙනුව වසන්න