හිතවත් දරුවනි, මේ පණිවිඩය ඔබේ ගුරුවරුන්ට ලබාදෙන්න.

හිතවත් ගුරුතුමනි/ගුරුතුමියනි,

මෙම ලිපිය කියවීමට පෙර ඔබට MCQclass බහුවරණ ප්‍රශ්නපත්‍ර පිළිබඳව අවබෝධයක් නොමැති නම් මෙතන ක්ලික් කරන්න. නමුත් දැනටමත් ඔබ MCQclass බහුවරණ ප්‍රශ්නපත්‍ර පිළිබඳව දනී නම් මේ ලිපිය ඉදිරියට කියවන්න.

උසස්පෙළ සිසුන් සඳහා මේ මස පලමු දින ආරම්භ වූ MCQclass.lk සේවාව මඟින් ගෙවීගිය පලමු සතිය තුලදීම සිසුන් 65,000කට අධික සංඛාවකට නොමිලේ බහුවරණ ප්‍රශ්නපත්‍ර කර එවෙලේම ස්වයංක්‍රීය ලකුණු ලබාදීමට අප හට අවස්ථාව ලැබුනා.එමෙන්ම ඉදිරිකාලයෙදී එය 20% – 40% ත් අතර ප්‍රමාණයකින් වර්ධනය වේ යැයි අප අපේක්‍ෂා කරන්නෙමු.මෙහි විශේෂත්වය වන්නේ අප විසින් කිසිදු ආකාරයක ප්‍රචාරන කටයුතු සඳහා මුදලක් දැනට වැය නොකිරීමයි.

Screenshot of Google Analytics

එමෙන්ම ගතවු සතිය තුල අප සමඟ සම්බන්ධ වූ සමහර ගුරුවරුන් MCQclass.lk සේවාවට දායකවිය හැකි ආකාරයන් විමසු නිසා අප සීමිත ගුරුපිරිසකට පහත අවස්ථාව ලබාදීමට තීරණය කලා.

මේ අනුව ඔබේ පන්ති පිලිබඳ දැන්වීමක් සමඟ ඔබ සැකසු ප්‍රශ්නපත්‍ර MCQclass.lk සේවාවට ඇතුලත් කිරීමේ පහසුකම ඔබට ලැබෙනවා.ඔබේ දැන්වීම සහිත ප්‍රශ්නපත්‍රය තුලින් ඔබ උගන්වන විශයන්ම ඉගෙන ගන්නා විශාල සිසුන් සංඛාවකට ඔබේ දැන්වීමේ පණිවිඩය නොමිලේ ලබාදීමට හැකිවෙනවා මෙන්ම මෙහි අනෙක් වාසිය වන්නේ කෙටි පණිවිඩ, වට්සැප්, වයිබර්, ඉමෝ, ෆේස්බුක් වැනි සිසුන් අතර ජනප්‍රිය සමාජමාධ්‍ය හරහාද ඔබේ දැන්වීම සහිත ප්‍රශ්නපත්‍රය ලින්ක් එකක් ආකාරයට ප්‍රචාරය කිරීමට හැකිවීමයි.

දැන්වීම ජංගම දුරකථනක පෙනෙන විදිය

ප්‍රශ්නපත්‍රයේ ගුණාත්මක බව වැඩි නම් සිසුන් විසින්ම තමන්ගේ යහලුවන්ට අදාල ලින්ක් එක ශෙයාර් කරන නිසා ඔබේ දැන්වීමේ පණිවිඩයද අමතර වියදම් නැතිවම සිසුන් අතර සංසරණය වේ.ඉතින් ඔබත් මේ සඳහා සම්බන්ධ වීමට කැමති නම් පහත තොරතුරු ඔබට වැදගත් වේවි.

  • ප්‍රශ්නපත්‍ර එවිය යුතු ඊමේල් එක – [email protected]
  • එවිය හැකි ප්‍රශ්නපත්‍ර ගණන – අවම ගණන 5කි.උපරිම ගණන 15 කි.
  • එවිය යුතු විදිය – වර්ඩ් ෆයිල් ආකාරයෙන් (word format) හෝ සිංහල යුනිකෝඩ් (Unicode)
  • එක් ප්‍රශ්නපත්‍රයක තිබිය යුතු ප්‍රශ්න ගණන – ප්‍රශ්න 20යි. කාලය පැයකට සීමාකරන්න.
  • දැන්වීමේ සයිස් එක – 728×144 Pixels (ඔබට මේ ප්‍රමානයේ දැන්වීමක් නොමැති නම් දැන්වීමට ඇතුලත් කල යුතු ඡායාරුප සහ විස්තර ප්‍රශ්නපත්‍ර සමඟ ඊමේල් එකේ එවන්න.අප නොමිලේ දැන්වීමක් නිර්මාණය කර දෙන්නම්)
  • දැන්වීම පසුව වෙනස් කල හැකිද? – මාස දෙකකට වතාවක් හැකියි.
  •  ඔබේ නොවන ප්‍රශ්නපත්‍ර ඇතුලත් කල හැකිද? නොහැකියි.එවැනි ප්‍රශ්නපත්‍ර ඔබට දැනුම්දීමක් නොකර අප වෙබ් අඩවියෙන් ඉවත් කරණු ලැබේ.

මීට අමතරව ගැටලුවක් තිබේ නම් මෙම පිටුවේ දකුණුපස පහල ඇති තැඹිලි පැහැ බොත්තම ක්ලික් කර තොරතුරු පුරවා අපගේ සහය කණ්ඩායමේ සාමාජිකයකු හා සමබන්ධ වෙන්න.නැත්නම් දැන්වීම සහිත උදාහරණ ප්‍රශ්නපත්‍රය බැලීමට කැමති නම් මෙතන ක්ලික් කරන්න.

We are protected under Intellectual Property Act No.36 of 2003.