AL ආර්ථික විද්‍යා රචනා ප්‍රශ්න 01

(1) ආර්ථික සම්පත් යන්න පැහැදිලි කර උදාහරණ 2 ක් සපයන්න.

(2) භූමිය හා එහි අන්තර්ගත සම්පත් තුළ ප‍්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් යනුවෙන් අදහස් වන්නේ කුමක්ද? උදාහරණ සපයන්න.

(3) ඕනෑම ආර්ථික පද්ධතියක් තාක්ෂණික වශයෙන් ඉහළ නිෂ්පාදන මට්ටමක් අත්පත් කර ගත්තද ‘හිගකම’ නොවිසෙඳේ . එසේ වන්නේ ඇයි ? ඔබේ පිළිතුර පැහැදිලි කරන්න.

(4) ඕනෑම සමාජ ආර්ථික පද්ධතියකට තේරීම් ගැටළුවකට මුහුණපෑමට සිදුවන්නේ ඇයි ? එම තේරීම් ප‍්‍රශ්ණ කවරේද?

(5) සමහර අවස්ථාවලදී ස්වභාවික භාණ්ඩ පවා ආර්ථික භාණ්ඩ වන අවස්ථා දැකිය හැකිය. පැහැදිලි කරන්න.

 

පිළිතුර බලන්න මෙතන ක්ලික් කරන්න

(1) සීමා සහිත සැපයුමක් / හිඟකමක් සහිත / ආවස්ථික පිරිවැය / මිලක් උදා:- භූමිය, ශ‍්‍රමය, ප‍්‍රාග්ධනය, ව්‍යවසාය

(2) නිෂ්පාදන ක‍්‍රියාවලියේදී ක්‍ෂය නොවන ස්වභාව ධර්මයා නැවත නැවතත් ප‍්‍රතිජනනය කරන සම්පත් වේ. උදා:- වනාන්තර, මත්ස්‍ය සම්පත

(3) ආර්ථිකයේ කේන්ද්‍රීය ප‍්‍රශ්ණය හිඟකම වේ. මිනිස් වුවමනා අසීමිතයි. ඊට සාපේක්‍ෂව සම්පත් සීමා සහිතයි. තාක්ෂණික ක‍්‍රම භාවිතයෙන් වැඩි නිමවුමක් අත්පත් කරගත හැකි වුවත් මිනිස් වුවමනා අසීමිත වීම හා එ්වා නිරන්තරයෙන්ම වර්ධනය වේ.

(4) සම්පත්වල හිගකම හා සම්පත්වල විකල්ප ප‍්‍රයෝජන පැවතීම. කුමක් කොපමණ – සම්පත් බෙදීයාමේ තේරීම් ප‍්‍රශ්ණය නිශ්පාදන ශිල්පීය ක‍්‍රමය – කෙසේ නිපදවන්නේද කා සඳහා නිෂ්පාදනය කරන්නේද? – ආදායම් බෙදීයාමේ තේරීම් ප‍්‍රශ්නය

(5) ආර්ථික සම්පත් සංයෝග කර නිෂ්පාදනය (කෘත‍්‍රීම ලෙස) කරන අවස්ථාවලදී ආවස්ථික පිරිවැයක් / හිගකමක් / වෙළඳපල හුවමාරුවක් / සිදුවේ. උදා :- කෘත‍්‍රීම වාතය, නල ජලය, බෝතල් ජලය.

 

 

We are protected under Intellectual Property Act No.36 of 2003.