ඊමේල් ලිපිනයක් සාදාගන්නා ආකාරය (ජීමේල් මගින්)

නොමිලේ ඊමේල් ලිපිනයක් සාදාගැනීම ඉතා පහසු දෙයක්.ඉතින් නිවැරදිව ඊමේල් ලිපිනයක් නොමිලේම සාදාගැනීමට පහත පියවර අනුගමනය කරන්න.මුලින්ම මේ ලිපිය සම්පූර්ණයෙන්ම කියවා අවසන් කර මෙතන ක්ලික් කර ජීමේල් සේවාවේ වෙබ් අඩවියට පිවිසෙන්න.එවිට ඔබට පිටුවේ ඇති විස්තර පෙනෙන්නේ සිංහල හැර ඉංග්‍රිසි හෝ වෙනත් භාශාවකින් නම් පහල රූපයේ දක්වා ඇති පරිදි පිටුවේ පහල වම්පස කෙලවරේ ඇති භාශාව වෙනස් කිරීමේ තේරීම ක්ලික් කර සිංහල භාශාව තෝරාගන්න.

ඊලඟට ලේබල් කර ඇති ආකාරයට අදාල හිස්තැන් වල ඔබේ මුල නම සහ අග නම යොදන්න.”පරීශීලක නාමය” යන තැන ඔබට කැමති නාමයක් ඇතුලත් කරන්න.මෙම යුසර්නේම් එක මගින් ඔබේ ඊමේල් ලිපිනය සෑදේ.උදාහරනයකට ඔබේ පරීශීලක නාමය saman නම් එවිට ඔබේ ඊමේල් ලිපිනය වන්නේ [email protected] යන්නයි.

ඊලඟට “මුරපදය” යන තැන ඔබ භාවිතා කිරීමට කැමති අන් අයට අනුමාන කල නොහැකි මුරපදයක්(පාස්වර්ඩ් එකක්) ඇතුලත් කරන්න.පසුව “තහවුරු කරන්න” යන තැන එම මුරපදයම යලි ඇතුලත් කරන්න.ඊලඟට “මීලඟ” බොත්තම ක්ලික් කරන්න.

ඊටපසුව ඔබෙන් දුරකථන අංකය සඳහන් කිරීමට පිටුවක් ලැබේ.එහි සඳහන් හිස්තැනට ඔබේ ජංගම දුරකථන අංකය ඇතුලත් කර “මීලඟ”යන්න ක්ලික් කල පසුව ඔබේ ජංගම දුරකථනයට අංක 6ක් ඇතුලත් කෙටි පණිවිඩයක් ලැබේ.එම අංක 6 ඇතුලත් කිරීමට ඇති හිස්තැන් වලට එවා ඇතුලත් කර “මීලඟ” බොත්තම ක්ලික් කරන්න.

 

ඊටපසුව යලිත් ඔබේ දුරකථන අංකය ,ඔබේ උපන්දිනය තොරා ඇතුලත් කරන්න.ඊට පසුව පහල ඇති “මීලඟ” බොත්තම ක්ලික් කරන්න.ඊලඟට ඔබට ඔවුන්ගේ කොන්දේසි සහිත පිටුව දිස්වේ.එහි පහල ඇති “එකඟයි” යන බොත්තම ක්ලික් කර ඔබේ ඊමේල් ගිණුමට පිවිසෙන්න.

»මුල් පිටුවට යාමට මෙතන ක්ලික් කරන්න

»යලි සහය පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»අපගේ සහය අවශ්‍ය නම් දකුණුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහැති බොත්තම ක්ලික් කරන්න.
.
.

We are protected under Intellectual Property Act No.36 of 2003.