පාස්වර්ඩ් අමතක වූ පසු නැවත ගන්නා ආකාරය

ඔබ දැනට මුදල් ගෙවා ගිණුමක් මිලදී ගෙන නොමැති නම් ඔබට ඔබේ ගිණුම බැලිය නොහැක.ගිණුමක් මිලදී ගැනීමට මෙතන ක්ලික් කරන්න.

අමතකවූ පාස්වර්ඩ් එක ලබාගැනීමට ඔබේ ඊමේල් එක අනිවාර්යෙන්ම අවශ්‍ය වේ.මුලින්ම ඔබ mcqclass.lk වෙබ් ලිපිනයෙන් අපගේ මුල්පිටුවට පිවිසෙන්න.ඊලඟට මෙනුවෙන් “ගිනුම“ තෝරා ක්ලික් කරන්න.ගිණුම පිටුවෙන් “පාස්වර්ඩ් එක අමතකද?“ යන්න ක්ලික් කරන්න.

එවිට ඔබව “නව පාස්වර්ඩ්“ පිටුවට යොමුවේ.එහිදි ඔබේ ඊමේල් ලිපිනය ඇතුලත් කර “පාස්වර්ඩ් එක එවන්න“ බොත්තම ක්ලික් කරන්න.

ඔබ සාර්ථකව ඊමේල් එක ඇතුලත් කර “පාස්වර්ඩ් එක එවන්න“ බොත්තම ක්ලික් කරේ නම්  “අලුත් පාස්වර්ඩ් ලින්ක් එක ලබාගැනීමට ඔබේ ඊමේල් ගිණුම පරීක්ෂා කරන්න“ යන පණිවිඩය පෙනේ.

ඉන්පසුව ඔබේ ඊමේල් ලිපිනයට ඇතුල්වී mcqclass.lk මගින් එවා ඇති ඊමේල් එක විවෘත කර එහි ඇති ලින්ක් එක ක්ලික් කරන්න.මෙම ඊමේල් එක ලැබීමට විනාඩි 10ක් දක්වා ගතවිය හැකි අතර  ලින්ක් එක සහිත මේ ඊමේල් එක ඔබේ ඊමේල් ලිපිනය තුල සොයාගත නොහැකි නම් කරුණාකර SPAM ෆොල්ඩරය පරීක්ශා කරන්න.

මෙම ලින්ක් එක ක්ලික් කල පසු නැවත ඔබ නව පාස්වර්ඩ් පිටුවට යොමුවේ.එහිදී ඔබට අලුත් පාස්වර්ඩ් එකක් ඇතුලත් කිරීමට තීරුවක් සහ එම පාස්වර්ඩ් එක තහවුරු කිරීමට තීරුවක් ලැබේ.ලෙහෙසියෙන් මතක තබාගත හැකි පාස්වර්ඩ් එක ටයිප් කර “පාස්වර්ඩ් එක අලුත් කරන්න“ බොත්තම ක්ලික් කර ඔබේ නව පාස්වර්ඩ් එක තහවුරු කරගන්න. 

ඔබ එම පියවර නිවැරදිව සිදුකලේ නම් “ඔබ පාස්වර්ඩ් එක සාර්ථකව වෙනස් කලා“ යන පණිවිඩය දිස්වේ.දැන් ඔබට නව පාස්වර්ඩ් එක යොදා MCQclass පද්ධතියට ඇතුලුවී ප්‍රශ්නපත්‍ර කල හැක.

 

»නව පාස්වර්ඩ් පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»මුල් පිටුවට යාමට මෙතන ක්ලික් කරන්න

»යලි සහය පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»අපගේ සහය අවශ්‍ය නම් දකුණුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහැති බොත්තම ක්ලික් කරන්න.
.
.

We are protected under Intellectual Property Act No.36 of 2003.