ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාර්ඩ් වලින් සාමාජිකත්වයක් මිලදී ගන්න විදිය

“සාමාජිකත්වයක් මිලදී ගැනීමට ඔබ සතුව අන්තර්ජාල ගෙවීම් කල හැකි , ගෙවීම් කිරීමට ශේෂයක් ඇති ඩෙබිට්/ක්‍රෙඩිට් කාර්ඩ් පතක් තිබීම අනිවාර්යයි.කලින් අන්තර්ජාල ගෙවීම් කර නොමැති නම් ඔබේ බැංකුව මාර්ගයෙන් අන්තර්ජාල ගෙවීම් වලට කාර්ඩ් එක සක්‍රීය කරගන්න.

පහල ඇති වීඩියෝවෙන් හෝ ඊට පහලින් ඇති ලිපියෙන් සාමාජිකත්ව මිලදී ගන්න විදිය ඔබට බැලිය හැකිය. 😉👇

උසස්පෙළ සාමාජිකත්වය 20% වට්ටමක් ලබාගන්න
සාමාන්‍ය පෙළ සාමාජිකත්වය 15% වට්ටමක් ලබාගන්න
රජයේ විභාග සාමාජිකත්වය 20% වට්ටමක් ලබාගන්න


සාමාජිකත්වයක් මිලදී ගැනීමට පහත පියවර අනුගමනය කරන්න

01. මුලින්ම MCQclass.lk වෙත පිවිස මුල් පිටුවෙන් සාමාජිකත්ව බොත්තම ක්ලික් කරන්න.

02. ඊළඟට ඔබට ලැබෙන පිටුවෙන් කැමති සාමාජිකත්වයක් තෝරා එහි පින්තුරය ක්ලික් කරන්න.

03. ඊලඟට ඔබව සාමාජිකත්වය පිළිබඳ විස්තර ඇති පිටුවට යැවේ.එහි තොරතුරු කියවා පහලම ඇති “මිලදී ගනිමි“ බොත්තම ක්ලික් කරන්න.

04. ඉන්පසුව ඔබට තොරතුරු පිරවීමට ෆොරමයමක් ලැබේ .එහි ඔබේ නම,ලිපිනය,දුරකථන අංකය,ඊමේල් ලිපිනය පුරවන්න. (ඔබ කලින් සාමාජිකත්ව මිලදීගෙන තිබේ නම් “ඇතුල්වෙන්න මෙතන ක්ලික් කරන්න“ යන තැන ක්ලික් කර වෙබ් අඩවියට ඇතුලු වීම ප්‍රමාණවත්) 

05.ඊලඟට එම පිටුවේ පහල ඇති ඇණවුම් තොරතුරු නිවැරදි දැයි පරීක්ශා කර පහලම ඇති “මිලදී ගනිමි“ බොත්තම ක්ලික් කරන්න.

06. මීලඟට ලැබෙන පිටුවෙන් ඔබ සතුව තියෙන කාර්ඩ් වර්ගයේ සලකුණ ක්ලික් කරන්න.(ගෙවීම් කිරීමට පෙර ඔබේ කාර්ඩ් එක අන්තර්ජාල ගෙවීම් සඳහා සක්‍රීය කර තිබිය යුතුයි.එසේ නොමැති නම් ඔබේ බැංකුව දුරකතනයෙන් සම්බන්ධ කරගෙන සක්‍රීය කරගන්න).

07. ඉන්පසුව ඔබේ කාර්ඩ් එකේ ඇති දත්ත ඇතුලත් කර පහල ඇති “Pay 225“ (ඔබේ සාමාජිකත්ව ගාස්තුව මත මෙම අංකය වෙනස් වේ) බොත්තම ක්ලික් කරන්න . (ඔබේ කාර්ඩ් එකේ තොරතුරු ඇතුලත් කල යුත්තේ මේ ආකාරයටයි.මුලින්ම ඔබේ කාර්ඩ් එකේ නම, ඊලඟට අංක 16 කින් යුත් කාර්ඩ් එකේ අංකය,අංක තුනකින් සමන්විත CVV රහස්‍ය අංකය ඇතුලත් කර අවසානයේදී කාර්ඩ් එක කල් ඉකුත් වෙන මාසය සහ වර්ශය ඇතුලත් කරන්න.මාසය සහ වර්ශය ඇතුලත් කිරීමේදී අංක දෙකකින් එය දක්වන්න.උදාහරනයක් ලෙස 05/2024 ලෙස කාර්ඩ් එකේ ඇත්නම් එය 05/24 ලෙස ඇතුලත් කරන්න.)

 

වැදගත්

ගණුදෙනුව අවසන් කිරීමට බැංකු මඟින් අනන්‍යතාවය පරීක්ශාකිරීමට කෙටි පණිවිඩයක් හෝ ඊමේල් මඟින් රහස් අංකයක් එවන අතර එ අවස්ථාව අනුව පියවරයන් අනුගමනය කරන්න.ඔබ කුමන ක්‍රමයක් භාවිතා කලත් මුදල් ගෙවීම නියමාකාරව සම්පූර්ණ වු පසුව තත්පර 10ක් ඇතුලත පහත දැක්වෙන ආකාරයේ ඇණවුම සම්පුර්ණ වූ බව කියැවෙන පිටුවකට ඔබව යැවෙනු ඇත. (එම පිටුවට නොගියේ නම් ඔබ ගෙවීම සම්පූර්ණ කර නොමැති අතර ඔබේ කාර්ඩ් එකෙන් මුදල් ගෙවීමක්ද සිදුවී නැත)

ආරක්ශාව සඳහා කිසිදු අවස්ථාවක ඔබේ බැංකු කාර්ඩ් පතෙහි විස්තර වෙනත් කිසිම අයෙකුට ලබානොදෙන්න.එසේ වුවහොත් ඉක්මනින් ඔබේ බැංකුව දැනුවත් කරන්න.

»මුල් පිටුවට යාමට මෙතන ක්ලික් කරන්න

»යලි සහය පිටුවට යෑමට මෙතන ක්ලික් කරන්න

»අපගේ සහය අවශ්‍ය නම් දකුණුපස පහල කෙලවරේ ඇති තැඹිලි පැහැති බොත්තම ක්ලික් කරන්න.
.
.

 

We are protected under Intellectual Property Act No.36 of 2003.